Thursday, April 25, 2024

General line - 0115112241

නවක සරසවි සිසුන් 2075කට නව පාඨමාලා 07ක්




2015 – 2016 අධ්‍යයන වර්ෂය සඳහා අලූතින් පාඨමාලා 07 ක් හඳන්වා දීමට විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා. ඉංජිනේරු තාක්ෂණවේදය, ජෛව පද්ධති තාක්ෂණවේදය, තොරතුරු සන්නිවේදන තාක්ෂණය ඒ අතරින් කිහිපයක්. මෙම නව පාඨමාලා සඳහා සිසුන් 2075 ක් බඳවා ගන්නා බවයි විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාවේ ලේකම් ප‍්‍රියන්ත පේ‍්‍රමකුමාර පැවසුවේ.

මේ අතර විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මොහාන් ද සිල්වා පැවසුවේ විශ්ව විද්‍යාල පාඨමාලාවල ගුණාත්මකභාවය වැඩි කිරීමට වැදගත් පියවර රැසක් අනුගමනය කර ඇති බවයි.