Thursday, April 25, 2024

General line - 0115112241

‘වසරක් නොව වසර 06 ම ඉන්නවා’




මහබැංකු අධිපති ධුරයට හිමි වසර 06 ක කාලයම තමා රාජකාරී කිරීමට බලාපොරොත්තු වන බව නව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසනවා.

නව තනතුරේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව පළමුවරට මාධ්‍ය හමුවක් පවත්වමින් අද (05) පස්වරුවේ ඒ මහතා මේ බව සඳහන් කළා. තමාට මෙම තනතුර ලැබුණේ වසරක කාලයක් සඳහා පමණක් බවත් එම කාලය අවසන් වීමෙන් පසු තමා ඉල්ලා අස්වන අතර යළිත් වතාවක් හිටපු මහ බැංකු අධිපතිවරයා හෝ වෙනත් පුද්ගලයෙකු මෙම තනතුරට පත්කරන බවට ඇතැම් මාධ්‍ය විසින් ගෙන ගිය ප‍්‍රචාර සාවද්‍ය බවයි නව මහ බැංකු අධිපතිවරයා මෙහිදී සඳහන් කළේ.

එම වසර 06 ක කාලය තුළ තමා උපරිම කැපවීමකින් යුතුව කටයුතු කරන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා. සමාජ, ආර්ථික දර්ශකවලින් 50 දශකයේදී ශ‍්‍රී ලංකාව දෙවැනි වූයේ කලාපීය රටවල් අතර ජපානයට පමණක් බවත් පැවසුවා. එදා අපට පහලින් සිටි කොරියාව, සිංගප්පූරුව සහ වෙනත් රටවල් ලබාගෙන ඇති වර්ථමාන ආර්ථික හා සමාජ දියුණුවට ශ‍්‍රී ලංකාවේ එම දර්ශක අගයන්ද ගෙන ඒම අරමුණු විය යුතු බවද නව මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නා.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් නව අධිපතිවරයා කියා සිටියේ කෝප් කමිටුවේ නිර්දේශ ලැබෙන තුරු ශ‍්‍රී ලංකා මහ බැංකුව බලා සිටින බවයි. එමෙන්ම කෝප් කමිටුව සමග සහයෝගයෙන් කටයුතු කිරීමටද ශ‍්‍රී ලංකා මහ බැංකුව තීරණය කළ බව හෙතෙම මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

X3 X5