Friday, March 29, 2024

General line - 0115112241

තරුණ කතකට “ගංවතුර ආධාර“ දෙන්න හැදූ රාළහාමි මාට්ටු




වයස අවුරුදු 24 ක විවාහක කාන්තාවකගෙන් ලිංගික අල්ලසක් ඉල්ලූ බව කියන ග‍්‍රාම නිලධාරිවරයෙකු වනාතවිල්ලූව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රජය මගින් වෙන්කර ඇති ගංවතුර ආධාර ලබාදීම සදහා සැකකාර ග‍්‍රාම නිලධාරිවරයා අදාළ කාන්තාවගෙන් ලිංගික අල්ලසක් ඉල්ලා ඇති බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.

ඒ සම්බන්ධයෙන් අදාළ කාන්තාව පොලීසියට කළ පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වනාතවිල්ලූව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රාල්මඩුව වසමේ ග‍්‍රාම නිලධාරියායි.

ගං වතුර ආධාර ලබා දීමටයැයි පවසා අදාල කාන්තිව පදිංචි නිවසට පැමිණි සැකකරු තමන්ට අයුතු යෝජනාවක් කරමින් අපයෝජනයට ලක්කිරීමට සැරසුණු බව පැමිණිල්ලේ සඳහන්.