Friday, March 29, 2024

General line - 0115112241

පොලිසිය මේ කියන කතාව ඇත්තද?




තෙබුවන පොලිසියේ රථවාහන අංශයේ කොස්තාපල්වරයකු හා යතුරුපැදිකරුවකු අතර ඇතිවූ ගැටුමකින් දෙදෙනාම රෝහල් ගතකොට තිබෙනවා.

පොලිස් නිලධාරියා පවසන්නේ පාරපුරා ආ යතුරුපැදියක් නැවැත්වූ අවස්ථාවේ බීමත්ව සිටි යතුරුපැදිකරු යතුරු පැදියටද පහරදීගෙන, ඔහුටම හෙල්මටයෙන් පහරදීගෙන, කමිසයද ඉරාගෙන අවසානයේ හෙල්මටයෙන් තමන්ටද පහරදුන් බවය.

එම සිද්ධිය ඇසින්දුටුවන් බව පවසන පිරිස් පවසන්නේ පොලිස් නිලධාරියා විසින් යතුරුපැදිකරුට බිම දමාගෙන පහරදුන් බවය. පොලිස් නිධාරීන්දෙදෙනෙකු සිටි බවත් ඉන් එක් නිලධාරායකු පමණක් අදාල යතුරුපැදිකරුට බිම පෙරලාගෙන් නැගිටින්නට නොදීම පහරදුන් බව ඔවුන් පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරු රක්ෂිත බන්ධනාගාරගතකොට ඇති අතර බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ රෝහල්ගතව සිටිනවා.