Wednesday, April 24, 2024

General line - 0115112241

ඩිෆෙන්ඩර් නඩුවට ගිය හිරුණිකාට ඇප




දෙමටගොඩ ප‍්‍රදේශයේදී තරුණයෙකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැර ගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර ඇතුළු විත්තිකරුවන් නව දෙනෙකුට කොළඹ මහාධිකරණය අද (21) ඇප නියම කළා.

2015 වසරේ දෙසැම්බර් 21 වන දින සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 29 ක් යටතේ නීතිපතිවරයා විසින් අධිකරණය හමුවේ නඩු පවරනු ලැබුවා. මෙම නඩුව අද විභාගයට ගැණුනේ මහාධිකරණ විනිසුරු පද්මිණී එන් රණවක හමුවේයි. එහිදී එක් එක් විත්තිකරුවන් රුපියල් පනස් දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්‍ෂ 50 බැගින් වන ශරීරි ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කෙරුණා.