Friday, April 19, 2024

General line - 0115112241

සිංහල බෞද්ධයින්ට එරෙහි “එළුඟ තමිල්“ විරෝධයට දෙමළ පක්ෂ රැසක්..!




යාපනය නගරයේදී එළඹෙන සිකුරාදා (23) පැවැත්වීමට නියමිත එළුඟ තමිල් විරෝධතාව සදහා දෙමළ දේශපාලන පක්‍ෂ රැසක් සහයෝගය පළ කර ඇති බව ඊ පී ආර් එල් එෆ් පක්‍ෂයේ නායක සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් පවසනවා. ඔහු පැවසුවේ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධර්මලිංගම් සිද්ධාර්ථන් නායකත්වය දරණ ප්ලොට් සංවිධානය, ගජේන්‍ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ නායකත්වයෙන් යුත් දෙමළ මහජන පෙරමුණ ආදී දේශපාලන පක්‍ෂද ඒ සදහා සහාය පළ කර ඇති බවයි.

උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් නායකත්වය දරන දෙමළ මහජන සභාව මගින් එළුඟ තමිල් විරෝධතා වැඩසටහන සංවිධාන කර තිබෙනවා. උතුරු පළාත තුළ සිංහල ජනතාව නැවත පදිංචි කිරීමට විරෝධය පළ කිරීම, බෞද්ධයන් නොමැති ස්ථානවල බුදුපිළිම ස්ථාපිත කිරීමට විරෝධය දැක්වීම ඒ අතර ප‍්‍රධාන අරමුණු වනවා.