Thursday, April 25, 2024

General line - 0115112241

ඔබාමා ලක්දිව වනයි




ශී‍්‍ර ලංකාවේ දැනට සිදුවන පරිවර්තනය ලෝකයටම ආදර්ශයක් බව අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා පවසනවා. එබැවින් ශී‍්‍ර ලංකාවේ ඉදිරි ගමන්මග වෙනුවෙන් ලබාදිය හැකි සෑම සහනයක්ම ලබාදීමට සුදානම් බවයි අමෙරිකානු ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර ඇත්තේ.

එක්සත් ජාතීන්ගේ 71 වන මහා මණ්ඩල සැසි වාරයට සහභාගි වූ රාජ්‍ය නායකයන් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බැන්කි මූන් පිරිනැමූ විශේෂ දිවා භෝජන සංග‍්‍රහයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හමු වූ අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

මේ අතර ශී‍්‍ර ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබද ලෝක රාජ්‍ය නායකයන් පැහැදීමෙන් සිටින බව නිව්යෝර්ක් නුවරදී මාධ්‍ය අමතමින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළා.