Thursday, April 18, 2024

General line - 0115112241

හෝකී සංගමයට පැනවූ වාරණය ඉවතට




ශී‍්‍ර ලංකා හොකී සංගමයේ නිලවරණය පවත්වන තුරු එහි කටයුතු බාධාවකින් තොරව සිදුකරගෙන යාමට අභියාචනාධිකරණයෙන් අවසර හිමිව තිබෙනවා. හොකී සංගමයේ නිලවරණය පැවැත්වීම වළක්වාලමින් පාර්ශව කිහිපයක් මීට පෙර අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා.

මෙම නියෝගයට පරිභාහිරව ශී‍්‍ර ලංකා හොකී සංගමය අධිකරණයෙන් ඉල්ලා සිටියේ නිලවරණය පැවැත්වෙන තුරු සංගමයේ කටයුතු කර ගෙන යාමට අවසර ලබාදෙන ලෙසයි. ඒ සදහා මීට පෙර අධිකරණය අවසර ලබාදුන්නද ව්‍යවස්ථානුකූලව ශී‍්‍ර ලංකා හොකී සංගමයේ වැඩකටයුතු කරගෙන යාමට විවිධ පාර්ශවවලින් බාධා එල්ල වුණා.

කෙසේවෙතත් යළි අභියාචනාධිකරණය මේ පිළිබද නියෝගයක් නිකුත් කරමින්, සංගමයේ කටයුතුවලට බාධා කරන පුද්ගලයන් අධිකරණයට අපහාස කළා යැයි සලකා කටයුතු කරන බව පැවසූ බවයි ඒ පිළිබද වැඩිදුර කරුණු දැක්වූ ශී‍්‍ර ලංකා හොකි සංගමයේ සභාපති ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ පැවසුවේ.