Friday, April 26, 2024

General line - 0115112241

UN ආධාර රථවලට දිගට හරහට ගුවන් ප්‍රහාර (VIDEO)




සිරියාවේ ඇලෙප්පෝ වෙත ආධාර ගෙනයමින් තිබූ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ලොරි රථවලට ගුවන් ප්‍රහාර එල්ලවීමත් සමඟ සිරියාවට ආධාර යැවීම නතර කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

ආධාර ගෙනයමින් තිබූ ලොරි රථ 31 කට ගුවන් ප්‍රහාර එල්ලවීම නිසා රථ 18 ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළා. රියදුරන් සමඟ ආධාර කණ්ඩායමේ 12 දෙනක් ද මියගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

ආධාර ගෙනගිය රථවල තිරිඟු පිටි, ඖෂධ හා සීතලට අඳින ඇඳුම් ගබඩා කර තිබුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ අදාළ සියලු පාර්ශ්ව දැනුවත් කර අවසර සහිතව මෙම ලොරි රථ කණ්ඩායම ගමන්ගත් බවයි.

1df86291d19e48cdb8c44ff75ff59394_7 376696e2075844de14bf4108c999c672ec0bed6e7d27436fde37cd66999178c3_3790300 91310593_mediaitem91310592 91310597_mediaitem91310596