Friday, April 19, 2024

General line - 0115112241

විද්‍යා තාක්ෂණය ගොඩ ගන්න තනාපතිවරයෙක්




විද්‍යා තාක්ෂණ හා නවෝත්පාදන ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර තානාපතිවරයෙකු ලෙස ආචාර්ය බන්දුල විජේ පත් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ විද්‍යා අධ්‍යාපනය පුළුල‍් කිරිම, විද්‍යාත්මක නවෝත්පාදන කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කිරිම, විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය සහ ජාතික විද්‍යා පදනම සමග එක්ව කටයුතු කිරිම සඳහාත් ස්වෙච්ජා පදනම මත ඔහුට මෙම තානාපතිධුරය පිරිනමා තිබෙනවා.

කිර්තිමත් විද්‍යාඥයකු සහ නව නිපැයුම්කරුවකු ලෙස හදවත් රෝගීන් සඳහා විවධ වූ නව සොයා ගැනීම් මලාවක් සඳහා පේටන්ට් (patent) බලපත්‍ර ලබා ඇති ඔහු ඇමරිකාවේ හූස්ටන්හි ජිවත්වෙයි.

ජනපතිවරයා වෙනුවෙන් එම සන්නස් පත්‍රය විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විසින් බන්දුල විජේ වෙත පිරිනැමුවා.

image