Tuesday, April 23, 2024

General line - 0115112241

සාමාන්‍ය පෙළ අසමත් වුණත් උසස් පෙළ කරන්න අවස්ථාව




සියලුම පාසල් දරුවන්ට වසර 13 ක අඛණ්ඩ අධ්‍යාපනය ලබා දීමට  සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසුවා.

අ.පො.ස. සාමාන්‍ය පෙළ අසමත්, පාසල් අධ්‍යාපනය හැරයන දරුවන් සඳහා සුදුසු විෂයමාලා යටතේ අ.පො.ස. උසස් පෙළ හැදෑරීමට අවස්ථාව ලබාදෙමින් සියලු දරුවන්ට වසර 13 ක අඛණ්ඩ අධ්‍යාපන අවස්ථා නිර්මාණය කර දීමට සැලසුම් කර ඇති බවයි එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ. මෙම ක්‍රියාවලිය 2018 වන විට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ සමග රැකියා අභිමුඛ අධ්‍යාපනයක් ඉලක්ක කර විෂයමාලා නවීකරණය කිරීම මෙන්ම නව විෂයන් හඳුන්වා දීමට කටයුතු යොදා ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

අද (21) උදෑසන අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවති වැඩසටහනකදී හෙතෙම මේ බව සඳහන් කළා.