Wednesday, April 24, 2024

General line - 0115112241

මූන් ගේ කතාවට මෛත්‍රීගෙන් පිළිතුරු ඉල්ලයි




එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී එහි මහලේකම් බැන් කී මූන් කළ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය කුමක්දැයි එ්කාබද්ධ විපක්ෂය අද (21) ප‍්‍රශ්න කළා.

එක්සත් ජාතින්ගේ මහා මණ්ඩල සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව අමතමින් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සිදුකරන කතාවේදී ඊට පිළිතුරු බලාපොරොත්තු වන බවද පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම කියා සිටියේ.

කොළඹ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී මෙම කරුණු ප‍්‍රකාශ කෙරුණා. එහිදී හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ “එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කී මූන්ගේ අවසන් කතාවේදී කිව්වා ශ්‍රී ලංකාව සහ මියන්මාරය එකතුවෙලා අලුත් සංගමයක් පිහිටුවීම සඳහා ගන්නා ලද උත්සහයට ඔහුගේ ආශීර්වාදය හිමි වෙනවයි කියලා. ඔන්න බලළා පැන්නා මල්ලෙන් එළියට. මේ ප්‍රකාශයට ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා විදිහට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රතිචාර දක්වයි කියලා අපි විශ්වාස කරනවා. මේක පිටුපස්සෙ ඇති විශාල කුමන්ත්‍රණය රටට හෙළි විය යුතුයි.” යනුවෙනි.