Friday, April 26, 2024

General line - 0115112241

“කැට හොල්ලනවා – නොදකින් විතරක්”




රණවිරුවන් සුරැකීම සඳහා යැයි පවසමින් දේශපාලන වුවමනාවන් සහිත පිරිස් මුදල් එකතු කිරීම හාස්‍ය ජනක බව අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු පවසනවා.

අමාත්‍යවරයා එ් බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂය සිරිකොතදී අද (21) පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.

එහිදී හෙතෙම පැවසුවේ “පහුගිය ආණ්ඩුවෙන් හොඳට හම්බ කරපු ඇමතිවරු කිහිපදෙනෙක් ළඟදි ඉඳන් කැට හොල්ලනවා. පුදුමාකාර ජාතික කරුණාවක් හිතට ඇවිල්ලා තමයි මේ කැට හොල්ලන්න පටන් අරං තියෙන්නෙ. හමුදා නිලධාරියෙක්ගෙ ප්‍රශ්නෙකට වන්දි සඳහා මුදල් එකතු කරන්න තමයි මේක කරන්නෙ. ලොකුම හාස්‍ය තමයි මෙච්චර හොරා කාපු හිටපු ඇමතිවරුන්ට ලක්ෂ 20 ක් නැද්ද අනේ කැට හොල්ලන්නෙ.. නොදකිං විතරක්. ඔය ලක්ෂ 20 දෙන්න බැරිද ගෙදරින් ගෙනල්ලා.” යනුවෙනි.

රණවිරු දඩයමක් සම්බන්ධයෙන් ආණ්ඩුවට කෙරෙන මෙම චෝදනාවටද අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු ප‍්‍රතිචාර දැක්වුවා. එ් පලායාමට උත්සහ කළ එල්ටී.ටී.ඊ සැකකරුවෙකුට වෙඩි තබා ඔහුගේ මරණය සිදුකිරීම සම්බන්ධයෙන් විශ‍්‍රාමික මේජර් විමල් වික‍්‍රමගේ වරදකරුවෙකු වීම වත්මන් ආණ්ඩු විසින් සිදුකළ එකක් නොවන බවද පෙන්වා දෙමින්.

අදාළ චෝදනාවට වැරදිකරු වූ හමුදා සෙබළා සම්බන්ධයෙන් නඩු පවරා ඇත්තේ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ කාලයේ බවත් ඒ 1998 වසරේ දී බවත් පැවසුවා. මහින්ද රාජපක්ෂ සමයේ නඩුව  40 වරක් පමණ අසා ඇති බවත්, එහි තීන්දුව වත්මන් ආණ්ඩුව කාලයේ දුන් විට වර්තමාන ආණ්ඩුවට චෝදනා කිරීම පහත් ක්‍රියාවක් බවත් පැවසුවා.