Thursday, April 25, 2024

General line - 0115112241

ජනපති කරන UN කතාවේ ඉඟි දෙයි




එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුවේදී තමන් කරන කථාවෙන් මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා වූ එ්කාබද්ධ වැඩපිළිවෙළකට යෝජනා ඉදිරිපත් කරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා එ් බව පැවසුවේ අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින්.

ප්‍රධාන වශයෙන් ජාත්‍යන්තර හොඳහිත වර්ධනය කර ගැනීම සහ ශ්‍රී ලංකාවේ සංවර්ධනය, ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම, සංහිඳියාව යන කරුණු සම්බන්ධයෙන් සිය අදහස් යෝජනාවක් ලෙස ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙන බවත් පැවසුවා.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට නියමිතව සිටින්නේ අමෙරිකාවේ වේලාවෙන් අද (21) පස්වරුවේයි. එනම් ශී‍්‍ර ලංකාවේ වේලාවෙන් හෙට (22) අලුයමයි.

මේ අතර පැරිස් සම්මුතිය ශී‍්‍ර ලංකාව තුළ බලාත්මක කිරීමට කටයුතු කළ යුතු බවට වූ වාර්තාව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා වෙත අද භාර දෙනු ලැබුවා. එ් අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතින්ගේ මූලස්ථානයේදීයි.

මෙම සියවස තුළදී ගෝලීය උෂ්ණත්වය කාර්මිකකරණයට පෙර තිබුණු උෂ්ණත්වයට මෙන් සෙන්ටි‍්‍රගේට් අංශක 02කට වඩා අඩුවෙන් පවත්වා ගැනීම සඳහා සියලු රටවල් එක්සත් කිරීම පිණිස මෙම සම්මුතියට එළැඹ තිබෙනවා.

මෙහිදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බැන් කී මූන් මහතාගේ විශේෂ පැසසුමටද ලක් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

14379676_10154389200616327_4011009637685314131_o 14424735_10154389202076327_1706742259399277919_o 14444628_10154389200701327_9002326315524871553_o