Friday, March 29, 2024

General line - 0115112241

ගම්මන්පිලගේ ‘වචනයක්’ පාර්ලිමේන්තුව උණුසුම් කරයි




කොටස් වෙළඳපලේ සිදුවූ පහත වැටීම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද (05) සංවාදයක් ඇති වුණා.

ඒ පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල සහ රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා යන මහත්වරුන් අතරයි.

එම සංවාදයේ ඇතැම් කොටස් හැන්සාඞ් වාර්තාවෙන් ඉවත් කිරීමටද කථානායකවරයා නියෝග කළා.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා විමසා සිටියේ කොටස් වෙළඳපොල 2015 වසරේ 5% කින් පහත වැටීමට ආයෝජකයන්ගේ විශ්වාසය බිඳ වැටීමට හේතු වූ කාරණා ඇත්දැයි යන්නයි. ඊට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා සඳහන් කළේ විදේශිකයන්ගේ මුදල් රටට පැමිණීමේදී ඔවුන්ගේ මුදල් කූඨ ලේඛන මගින් අත්පත් කරගන්නට කටයුතු කිරීම තුළ රටට ආයෝජකයන් නොපැමිණෙන බවයි.

මෙම පිළිතුරත් සමග සංවාදය තරමක් උණුසුම් වූ අතර එහිදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතාගේ ප්‍රතිචාර දැක්වීමක් සම්බන්ධයෙන් කතානායක කරූ ජයසූරිය මතහා කියා සිටියේ පාර්ලිමේන්තුව තුළ චරිත ඝාතන සිදු නොකරන ලෙසයි.

(එම සංවාදය පහතින් අහන්න)