Friday, April 19, 2024

General line - 0115112241

රමිත් රඹුක්වැල්ලට පොලිස් ඇප – බීමතින් සිට ඇති බවත් හෙළි වෙයි (UPDATE)




රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ක‍්‍රිකට් ක‍්‍රීඩක රමිත් රඹුක්වැල්ල බීමතින් සිට ඇති බව පොලිසිය පවසනවා.

කෙසේවෙතත් මේ වන විට ඔහුව පොලිස් ඇප මත මුදා හැරීමටයි කටයුතු කර ඇත්තේ.

ඔහුගේ රථය පොලිසිය බාරයේ රඳවාගෙන ඇති අතර එළඹෙන 27 වැනිදා ඔහුට අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙසට දන්වා තිබෙනවා.


රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට – රිය අනතුරේ ඡායාරූප මෙන්න

(Sep 22, 2016 @ 09:09)

ක‍්‍රිකට් ක‍්‍රීඩක රමිත් රඹුක්වැල්ල රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ කුරුඳුවත්ත ප‍්‍රදේශයේදී අද (22) අලුයම මෙම අනතුර සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. මෙම අවස්ථාවේදී රමිත් රඹුක්වැල්ල බීමත්ව ද සිට ඇති බවයි සැක කෙරෙන්නේ.

එම අනතුරේ ඡායාරූප පහතින් දැක්වෙයි.

ranil-www-nethnews-lk00001 ranil-www-nethnews-lk00002 ranil-www-nethnews-lk00003 ranil-www-nethnews-lk00004 ranil-www-nethnews-lk00005 ranil-www-nethnews-lk00006 ranil-www-nethnews-lk00007