Friday, March 29, 2024

General line - 0115112241

නීතිපතිගේ විරෝධය මැද යෝෂිත රට යන්න ඉල්ලයි




විදේශගත වීමට අවසර ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ ගොනුකළ මෝසම සම්බන්ධයෙන් තීන්දුව ලබන 28 වැනිදා ප‍්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය අද (22) කියා සිටියා.

යෝෂිත රාජපක්ෂ සිය නීතිඥයින් මගින් මෙම මෝසම ගොනු කළේ පෙරේදා දිනයේදීයි. කෙසේ වෙතත් යාමට අපේක්ෂා කරන රට හෝ විදේශගත වීමට හේතුව එදින ප‍්‍රකාශ කෙරුණේ නැහැ.

මෙම මෝසම අද කැඳවූ අවස්ථාවේ යෝෂිත රාජපක්ෂ අධිකරණයට දැනුම් දුන්නේ සිය පාදයේ ආබාධයක් සඳහා ප‍්‍රතිකාර ගැනීමට ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවර රෝහලකට යාමට තමන් අපේක්ෂා කරන බවයි.

ඉදිරියේදී පැවැත්වෙන රග්බි තරගාවලියට පෙර ප‍්‍රතිකාර ලබාගත යුතු බවද ඔහු අධිකරණයට දැනුම් දුන්නා. කෙසේ වෙතත් නීතිපතිවරයා පැවසුවේ යෝෂිත රාජපක්ෂට විදේශගත වීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් විරුද්ධ වන බවයි.

සී.එස්.එන්. නාලිකාවේ සිදුවූ මුදල් විශුද්ධිකරණයක් සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ විදේශ ගමන් තහනමකට ලක්ව සිටිනවා.