Thursday, March 28, 2024

General line - 0115112241

සයිටම් අර්බුදය විසඳන්න ඇමති පාඨලීගෙන් යෝජනාවක්




විශ්ව විද්‍යාල සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී ඊයේ විවාදයට ගැණුනා.

එහි දී වැඩි අවධානයක් යොමු වූ කරුණක් වූයේ මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලය පිළිබඳ මතුව ඇති තත්වයයි.

එම ගැටළුවට විසඳීමට ගතහැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයෙන් මෙන්ම විපක්ෂයෙන් ද යෝජනා ඉදිරිපත් වුණා.

එහිදී අදහස් දැක්වූ ලක්ෂ්මන් කිරිඇල්ල පැවසුවේ සයිටම් ආරම්භ කළේ පසුගිය ආණ්ඩු කාලයේ බවත් එදා කිසිවෙකු පාරට බැස මීට විරෝධය එල්ල නොකළ බවත්ය.සිසුන් අවසන් විභාගයද සම්පූර්ණ කොට ඇති බැවින් ඔවුන්ට විසඳුමක් ලබාදිය යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළා.

අමාත්‍ය පාඨලී චම්පික රණවකද අදහස් දැක්වූ අතර සයිටම් වෛද්‍ය විද්‍යාලයට අලුතෙන් සිසුන් බඳවා ගැනීම නතර කළ යුතු බවත්,වෛද්‍යවරයෙකු වීමට සුදුසුකම් නැති සිසුන් එහි සිටීනම් ඔවුන් ඉවත්කර අනෙක් සිසුන්ට වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කිරීමට ඉඩ ලබාදිය යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළා.