Saturday, April 20, 2024

General line - 0115112241

IS ත්‍රස්තයන්ගෙන් පළමු වරට රසායනික අවි ප්‍රහාරයක්




ඉරාකයේ සිටින තම හමුදා සෙබළුන් ඉලක්ක කරමින් අයි. එස්. ත්‍රස්තවාදීන් රසායනික අවි ප්‍රහාරයක් එල්ල කර ඇති බව අමෙරිකාව තහවුරු කර තිඛෙනවා.

අදාළ මෙහෙයුම් භාර ප්‍රධානියෙකු වන ජනරාල් ජෝශප් ඩන්ෆෝර්ට් මේ බව තහවුරු කර ඇතැයි විදෙස් වාර්තාවල සඳහන්.

කෙසේ වෙතත් අදාළ ප්‍රහාරයෙන් සිදු වූ හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නැහැ.

ඉරාකයේ මෙහෙයුම්වල නිරත හමුදා වෙත එල්ල වූ පළමු රසායනික අවි ප්‍රහාරය මෙය බව ද විදෙස් වාර්තාවල සඳහන්.