Saturday, April 20, 2024

General line - 0115112241

සේවා ව්‍යවස්ථාව ලෑස්තියි – ගැටළු විසඳනතුරු නවත්වන්නේ නැහැ!




කම්කරු නිලධාරීන්ගේ ගැටළු විසඳීම සඳහා අවශ්‍ය සේවා ව්‍යවස්ථාව සකස් කර විෂයභාර අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ෙජ්. සෙනෙවිරත්න මහතා වෙත භාරදුන් බව කම්කරු අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය ජයරත්න පවසනවා.

ඒ අනුව කම්කරු නිලධාරීන් ආරම්භ කර ඇති වර්ජනය අවසන් කර සේවයට පැමිණෙන්නැයි ඉල්ලා සිටින බවයි අමාත්‍යංශ ලේකම්වරයා කියා සිටියේ.

මේ සම්බන්ධයෙන් නෙත් නිව්ස් රාජ්‍ය සේවා කම්කරු නිලධාරීන්ගේ සංගමයේ සභාපති ඉරේෂ් ගමගේගෙන් ද කරුණු විමසීමක් කළා.

ඔහු කියා සිටියේ දෙපාර්ශවයේ එකඟතාව මත සකස් කෙරුණු සේවා ව්‍යවස්ථාවට කැබිනට් අනුමැතිය ලබා ගැනීම විෂයභාර අමාත්‍යවරයා සතු වගකීමක් වන බවයි.

සේවා ව්‍යවස්ථාවට අනුව සිය ගැටළුව විසඳන තුරු තමන් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක කරන බව ද එම සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.