Wednesday, April 24, 2024

General line - 0115112241

මෙවර සාපෙළ ලෝක වාර්තාවක්!




මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා අයදුම්කරුවන් හත්ලක්ෂ පහළොස් දහසක් ඉදිරිපත් වී ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පවසයි.

විභාග දෙපාර්තමේන්තු ඉතිහාසයේ වැඩිම අයදුම්පත් ලැබූ විභාගය ලෙස මෙම විභාගය ඉතිහාසගත වන බව ඔහු කියා සිටියේය.

එමෙන්ම ජනගහන ප්‍රතිශතය අනුව රටක් ලෙස ලෝකයේ විශාලතම විභාගය පැවැත්වීමේ ගෞරවය ශ්‍රී ලංකාවට හිමිවන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය‍

දෙසැම්බර් 06 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගය නව සහ පැරණි නිර්දේශ යන කාණ්ඩ දෙක යටතේ පැවැත්වෙන බවත්, මේ අනුව නව නිර්දේශය යටතේ තුන්ලක්ෂ තිස් හතරදහස් හත්සිය අසූ එකක් සහ පැරණි නිර්දේශය යටතේ තුන්ලක්ෂ අසූ එක්දහස් එකසිය අසූ හතර දෙනෙකු ඉදිරිපත් වී සිටින බවත් ඒ මහතා කියා සිටියේය. ‍