Thursday, April 25, 2024

General line - 0115112241

දිල්හාර ලොකුහෙට්ටිගේ එක්දින පිටියට සමුදෙයි




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වූ දිල්හාර ලොකුහෙට්ටිගේ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිඛෙනවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 09 කට ක්‍රීඩා කර ඇති දිල්හාර කඩුලූ 6 ක් දවා ගෙන ඇති අතර පිතිකරුවෙකු ලෙස ලකුණු 83 ක් රැස්කර තිඛෙනවා.

ඔහු අවසන් වරට එක්දින තරගයකට ක්‍රීඩා කළේ 2013 වසරේ ජූලි මාසයේ දී ඉන්දියාවට එරෙහිවයි.

ඔහු විස්සයි විස්ස තරග දෙකක දී ශ්‍රී ලංකාව නියෝජනය කර තිඛෙනවා.

කෙසේ වෙතත් තවදුරටත් විස්සයි විස්ස තරග සඳහා සහභාගී වීමටයි දිල්හාර ලොකුහෙට්ටිගේ තීරණය කර ඇත්තේ.