Saturday, April 20, 2024

General line - 0115112241

උසස් පෙළ ප්‍රවේශපත්‍ර තැපෑලට




අගෝස්තු මස දෙවනදා ආරම්භ වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගය සඳහා ඉල්ලූම් කළ අයදුම්කරුවන්ගේ ප‍්‍රවේශපත‍්‍ර මේ වන විට තැපෑලට යොමු කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග කොමසාරිස් ජෙනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පැවසුවේ පාසල් අයදුම්කරුවන් දෙලක්ෂ හතලිස් දහස් නවසිය අනූ එක් දෙනෙකුගේ සහ පෞද්ගලික අයදුම්කරුවන් හැත්තෑහතර දහස් හයසිය දාහතර දෙනෙකුගේ ප‍්‍රවේශපත‍්‍ර  තැපෑලට යොමුකර ඇති බවයි.

පාසල් වෙත ලැබුණු ප‍්‍රවේශපත‍්‍රයන් කුමන හේතුවක් මත හෝ විදුහල්පතිවරුන් තබා නොගත යුතු අතර ඒවා නොපමාව අයදුම්කරුවන් වෙත බෙදා දිය යුතු බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළේ. ප‍්‍රවේශපත‍්‍ර සම්බන්ධයෙන් කිසියම් ගැටලූවක් ඇත්නම් 011 2 78 42 08 යන දුරකථන අංකයෙන් හෝ 011 2 78 45 37 යන අංකයෙන් පාසල් විභාග සංවිධාන හා ප‍්‍රතිඵල ශාඛා ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකියි. එමෙන්ම 1911 ක්ෂණික ඇමතුම් අංකයෙන්ද ඊට අදාළ තොරතුරු ලබාගත හැකි බව විභාග කොමසාරිස් ජෙනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සදහන් කළා.