Friday, April 26, 2024

General line - 0115112241

අදින් පසු මව්වරුන්ට සාරි ඕන නෑ!




පාසල් තුළට පැමිණීමේ දී සාරි ඇඳීම අනිවාර්ය කරමින් සිසුන්ගේ මව්වරුන්ට විදුහල්පතිවරුන් විසින් පනවා ඇති නීති ඉවත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා නියෝගයක් නිකුත් කර තිඛෙනවා.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් නෙත් නිව්ස් වෙත කියා සිටියේ ඒ සම්බන්ධයෙන් විදුහල්පතිවරුන් සහ අනෙකුත් බලධාරීන් දැනුවත් කරමින් චක්‍රලේඛයක් නිකුත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාට දැනුම් දුන් බවයි.

කොළඹ ඇතුළු නගරාසන්න ප්‍රදේශවල බොහෝ කාන්තාවන් රැකියවල නිරත වන බවත්,ඔවුන්ගේ රැකියා ස්ථාන වලට අනන්‍ය වූ ඇඳුම් තිබෙන බවත් සාරිය පමණක් නොඅඳින බවත්, එම නිසා මවක් පාසලට පැමිණීමේදී විධිමත් ඇඳුමකින් සැරසී පැමිණීම පමණක් ප්‍රමාණවත් බවත් මින්පසු පාසල් වලට එය තීරණය කළ නොහැකි බවත් මේ සම්බන්ධව අදහස් පළකරමින් අමාත්‍යවරයා පැවසුවා.