Friday, April 26, 2024

General line - 0115112241

මීගහතැන්නේ මව්වරු හෙට හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට




මීගහතැන්න ප‍්‍රාථමික විද්‍යාලයට සාපරාධී ලෙස ඇතුලූ වී විදුහල්පතිවරයාට පහර දී අයුතු ජන රාශියක සාමාජිකයෙකු වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු එම විද්‍යාලයේ මවුවරුන් 09 දෙනා හදුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතයි.

නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත ජයකොඩි මහතා පැවසුවේ දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මෙම සැකකාරියන් හෙට දිනයේදී මතුගම මහේස්ත‍්‍රාත්වරයා ඉදිරියේදී පැවැත්වෙන හදුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කරන බවයි.

මෙම මවුවරුන් 09 දෙනා ඊයේ පෙරවරුවේ අත්අඩංගුවට ගැනුණු අතර මතුගම මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඊට අමතරව නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු තවත් තිදෙනෙකුද අදාළ චෝදනාව යටතේම ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

එලෙස බන්ධනාගාර ගත කෙරුණු අය අතර වලල්ලාවිට ප‍්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක දිලිප් පුෂ්පකුමාර සහ එම ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්ත‍්‍රී මල්ලවආරච්චිගේ ජයසේන යන අයද වනවා.