Wednesday, April 24, 2024

General line - 0115112241

බැසිල් රාජපක්ෂ වංචා විමර්ශන ජනපති කොමිසම හමුවට




හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම හමුවට කැඳවා තිබෙනවා.

ඒ, ඔහු ආර්ථික සංවර්ධන අමාත්‍ය ධුරය දරන සමයේ ගුවන් හමුදාවට අයත් යානා යොදා ගනිමින් සිය පෞද්ගලික ගමන් සඳහා දිවි නැගුම දෙපාර්තමේන්තුවේ මුදල් යෙදවූ බව කියන සිද්ධියකට අදාළව ප‍්‍රකාශයක් ලබාගැනීමටයි.

මේ අතර හම්බන්තොට වරායේ කරදියවර මංගල්‍යයේදී සිදුවූ බව කියන මූල්‍ය අක‍්‍රමිකතා සම්බන්ධයෙන් ද බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම විමර්ශන සිදුකරනවා.

එහි වාර්තාව ඉදිරියේදී ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතයි.