Thursday, March 28, 2024

General line - 0115112241

ඖෂධ වර්ග 47ක මිල අඩුකෙරේ




සේනක බිබිලේ ප‍්‍රතිපත්තිය අනුව ඖෂධ වර්ග 47ක මිල ගණන් අඩු කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

කොළඹ අද (23) පස්වරුවේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඒ යටතේ හෘද සහ දියවැඩියා රෝග සඳහා ලබාදෙන ඖෂධ මිල ගණන් ද අඩු කරන බවයි.

ජාතික ඖෂධ ප‍්‍රතිපත්තිය අනුව මෙම මිල අඩු කිරීම් සිදුකරන බවයි අමාත්‍යවරයා එහිදී ප‍්‍රකාශ කළේ.

එමෙන්ම මේ යටතේ අධික මිල ගණන්වලින් යුත් ඖෂධ සඳහා මිල පාලනයක් ඇති කිරීමට ද නියමිතයි.

එමෙන්ම පෞද්ගලික රෝහල්වල ගාස්තු නියාමනය කිරීම ද ජාතික ඖෂධ ප‍්‍රතිපත්තිය යටතේ කි‍්‍රයාත්මක කරන බවයි අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ.