Thursday, April 25, 2024

General line - 0115112241

ජනපතිගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්




උතුරේ සහ දකුණේ කි‍්‍රයාත්මක අන්තවාදී කොටස් සම්බන්ධයෙන් තමන් ජාත්‍යන්තර ප‍්‍රජාව දැනුවත් කළ බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ රජයේ වත්මන් කි‍්‍රයාකලාපය සම්බන්ධයෙන් ජගත් මහලේකම්වරයාගේ ප‍්‍රසාදය පළ වූ බවයි.

එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසියට සමගාමීව අද (23) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

“මම පැහැදිලි කළා උතුරේ සහ දකුණේ අන්තවාදී කොටස් අපේ වැඩපිළිවෙලට බාධා කිරීම. ඉතින් ඒ බාධාකිරීම් කොතෙක් තිබුනත් අපි මේ වැඩපිළිවෙල සාර්ථක ඉලක්කයක් කරා කරගෙන යනවා.

දැනට මෙතෙක් කරගෙන ආ වැඩපිළිවෙල සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාත් ඒ වගේම මානව හිමිකම් කොමසාරිස්වරයාත් මට මුණගැසුනා කතාකලා. ඒ සෑම කෙනෙක්ම ඉතා හොඳ පැහැදීමකින් කතාකරන්නේ. ඒ සියළුදෙනාගේම ආශිර්වාදය අපේ රජයට තිබෙනවා”.

ආණ්ඩුවේ වත්මන් ප‍්‍රතිපත්තිවලට ජාත්‍යන්තරයෙන් සහයෝගය හිමිව ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.