Wednesday, April 24, 2024

General line - 0115112241

‘රණ මග ඔස්සේ නන්දිකඩාල්‘ අලෙවිය ලෝක වාර්තාවක්?




කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 9වන දිනය අදයි. ගත වූ දින 8 තුළ ලක්ෂ 8කට වැඩි පිරිසක් ප්‍රදර්ශනයට පැමිණ ඇති බවයි සංවිධායකයින් කියා සිටියේ.

විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න විසින් රචිත ‘රණ මග ඔස්සේ නන්දිකඩාල්‘ මෙවර ප්‍රදර්ශනයේදී මේ දක්වා වඩාත් වැඩි අලෙවියක් සහිත ග්‍රන්ථය බවට පත් වී ඇතැයි ද ඔවුන් පැවසුවා.

මේ, එම ග්‍රන්ථයේ ඛෙදාහැරීමේ නියෝජිතයා වන විජිත යාපා ආයතනයේ සාමාන්‍යාධිකාරී ලක්ෂ්මන් සිරිවර්ධන මහතා පැවසුවේ ඔහු කිසිදනෙක මෙවැනි ඉල්ලීමක් දැක නැති බවයි.සති දෙකක් ඇතුළත පිටපත් 10000 අධික සංඛ්‍යාවක් අලෙවි වී ඇති බවත්, තවත් 7000කට ඇණවුම් ලැබී ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.

‘රණ මග ඔස්සේ නන්දිකඩාල්‘ ග්‍රන්ථය මේ දක්වා වාර්තා කර ඇති අලෙවිය ශ්‍රී ලංකාවේ ජනගහනයට සාපේක්ෂව ඇතැම් විට ලෝක වාර්තාවක් ද විය හැකි බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට නිල රේඩියෝ මාධ්‍ය අනුග්‍රහය නෙත් එෆ්.එම්. රේඩියෝවෙන්. නෙත් එෆ්.එම්. රේඩියෝවේ ප්‍රදර්ශන කුටියක් ද ප්‍රදර්ශන භූමියේ පිහිටුවා තිඛෙනවා.