Friday, April 19, 2024

General line - 0115112241

දුම්වැටි මඩින්න රාජිතගෙන් ‘තවත් අලූත් නීතියක්‘




දුම්වැටි භාවිතය අවම කිරීම සඳහා තවත් නීතියක් ගෙන එන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

දුම්වැටි බද්ද සියයට 90ක් දක්වා වැඩි කිරීමෙන් පසු මෙම නව නීතිය ගෙන එන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

රජයක් මුදල් හම්බ කිරීමට අවශ්‍ය මිනිසුන් ජීවත් කිරීමට බවත් මිනිසුන් මරන්න නොවන බවත් ඒ මහතා පැවසුවා.

ඉදිරියේදී දුම්කොළ මිල වැඩි කරන බවත්, අාකර්ෂණිය දෑ කිසිත් නොමැතිව සිගරට් පැකට්ටුවක නම පමණක් පෙනන ප්ලේන් පැකේජයක් සඳහා නීති සකස් කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න එම අදහස් පළ කළේ කොළඹ ඊයේ පස්වරුවේ පැවති උත්සවයකදීයි.