Wednesday, April 24, 2024

General line - 0115112241

වන සතුන්ට කෘතිම ආහාර එපා!




වැසි අඩුවීම නිසා ඇතැම් දිස්ත්‍රික්කවල මිනිසුන් මෙන්ම වන සතුන් ද බලපෑමකට ලක්ව සිටිනවා.

මේ නිසා වනෝද්‍යානවල සිටින සතුන් වෙනුවෙන් බවුසර් සහ වෙනත් ක්‍රම මගින් ජලය ලබාදීමට කටයුතු කරන බවයි වනජීවී අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.එස්.කේ. පතිරත්න කියා සිටියේ.

කෙසේ වෙතත් ඉකුත් වසරවලට සාපේක්ෂව වන සතුන් සඳහා ජල හිඟය තවමත් උග්‍ර වී නොමැති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

වන සතුන් සඳහා අනවශ්‍ය ලෙස ආහාර ලබාදීමෙන් වැළකිය යුතු බවද මෙහිදී සිහිපත් කෙරුණා.

වන සතුන්ට කෘතිමව ආහාර ලබාදීම වැසි අඩු කාලවලදී ඔවුන් ගම්වැදීමට ද හේතු විය හැකි බවයි වනජීවී අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.එස්.කේ. පතිරත්න පෙන්වා දුන්නේ.

වැසි අඩු වීමෙන් වඩාත් වැඩි බලපෑමකට ලක්ව තිඛෙන්නේ හම්බන්තොට සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කයි.