Thursday, March 28, 2024

General line - 0115112241

“රජ්ජුරුවෝ ආයෙත් ආපු එක හොඳයි” – සරේ පුහුණුකරු




ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර තවත් වසරක කාලයක් ක්‍රීඩා කිරීම සඳහා සරේ ප්‍රාන්ත පිල සමග නව ගිවිසුමකට එළඹ තිබෙනවා.

සංගක්කාර සරේ ප්‍රාන්ත පිළ සමග ගිවිසුමකට එළඹියේ 2014 වසරේයි.ඒ අවුරුදු දෙකක් සඳහායි.එම වසර දෙකක කාලය මේ වසරේ සැප්තැම්බර් මාසයෙන් අවසන් වුණා.

නිමාවූ පළමු පෙල තරඟාවලියේ සරේ පිල වෙනුවෙන් ලකුණු 1039 රැස් කිරීමට සංගක්කාර සමත් වුණා.එහිදි ඔහුගේ ලකුණු සාමාන්‍ය දැක්වුනේ 49.47 ලෙසයි.

එක්දින තරඟාවලියේ ඉනිම 7කදී ලකුණු 278ක් ලබාගැනීමට සංගක්කාර සමත් වූ අතර අවසන් පූර්ව තරඟයේදී ඔහු ලද අනගි ශතකය නිසා සරේ පිලට අවසන් මහා තරඟයට පිවිසීමට හැකිවුණා.

“රජ්ජුරුවෝ ආයෙත් ආපු එක හොඳයි” යයි සංගක්කාර නැවතත් සරේ පිලට එක්වීම සම්බන්ධයෙන් සරේ ප්‍රාන්ත පිලේ ප්‍රධාන පුහුණුකරු මයිකල් ඩිවෙනියුටෝ මහතා ටිව්ටර් පණිවුඩයක්ද තබා තිබිණ.