Friday, April 26, 2024

General line - 0115112241

මස් වැද්දන් අල්ලන්න ගිය නිළධාරීන්ට හිතවතුන්ගෙන් ප්‍රහාරයක්!




රිටිගල වනජීවී දැඩි රක්ෂිතයේදී ඉත්තෑවන් සහ මීමින්නන් දඩයම් කළ කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට ගිය වනජීවී නිලධාරීන්ට දඩයක්කරුවන් සහ ඔවුන්ගේ හිතවතුන් විසින් පහර දී තිඛෙනවා.

තුවාල ලැබූ වනජීවී නිලධාරීන් දෙදෙනෙකු කැකිරාව රෝහලේ ප්‍රතිකාර ලබන බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.

තවත් වනජීවී නිලධාරියෙකු යක්කල රෝහලේ ප්‍රතිකාර ලබනවා. දඩයක්කරුවන් ළඟ තිබී තුවක්කු 2ක් ද සොයා ගැනුණු බවයි අනුරාධපුර වනජීවී සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.එස්. වේරගම කියා සිටියේ.

කෙසේ වෙතත් පහරදීමට පැමිණි දඩයක්කරුවන්ගේ හිතවතුන් එම ගිනිඅවි දෙක සහ දඩයම් කරන ලද සතුන් ද රැගෙන ගොස් තිඛෙනවා.

මේ අතර වනජීවී නිලධාරීන් තමන්ට පහරදුන් බව පවසමින් දඩයමේ ගිය පුද්ගලයෙකු ද කැකිරාව රෝහලට ඇතුළත් වී සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.

දඩයම්කරුවන්ගෙන් තවත් අයෙකු පසුව කළ විමර්ශනයකදී පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණා.