Saturday, April 20, 2024

General line - 0115112241

කොටි සැකකරුවෝ 20ක් අදත් කෑම එපා කියයි!




අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින එල්.ටී.ටී.ඊ. සැකකරුවන් පිරිසක් 4වන දිනටත් අද ආහාර වර්ජනයේ යෙදී සිටිනවා.

සැකකරුවන් 20 දෙනෙකු මෙලෙස ආහාර වර්ජනයේ යෙදී සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.

තමන්ට එරෙහි නඩු කටයුතු කඩිනම් කරන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා. එල්.ටී.ටී.ඊ. සැකකරුවන්ගේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් අධිකරණය දැනුවත් කළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියා සිටියේ.

ඒ හැරුණු විට සැකකරුවන්ගේ ඉල්ලීම සම්බන්ධයෙන් තමන්ට කිසිවක් කළ නොහැකි බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවා.