Wednesday, April 24, 2024

General line - 0115112241

හෝමියෝපති සභාවට මුවාවී SAITM එළියට?




හෝමියෝපති පනත් කෙටුම්පත ඊයේ (05) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැණුනා. මේ එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේ හෝමියෝපති වෛද්‍ය ක්‍රමයට අදාල ඖෂධ නිපදවන්නේ ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතයෙන් බැවින් එමගින් අහිතකර බලපෑම් ඇති නොවන බවයි.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින්ද ජයතිස්ස මහතාද විවාදයට එක් වෙමින් පැවසූවේ කුමන වෛද්‍ය ක්‍රමයකට වුවද නියාමනයක් අවශ්‍ය බවය.

විවාදයට එක් වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර මහතා අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් විමසා සිටියේ “ඔබතුමා මේ කවුන්සිලයේ බලය අතට ගන්නේ සයිටම් එක මෙඩිකල් කවුන්සිල් එක පිළිනොගන්න නිසා හෝමියෝපති වෛද්‍ය සභාව හරහාවත් සයිටම් එක ගේන්නවත්ද? එහෙම සැකයක් තියෙනව“

මෙහිදී රාජිත සේනාරත්න අමාත්‍යවරයා පැවසූවේ ඒ සම්බන්ධයෙන් විෂයබාර අමාත්‍යවරයා ලෙස තමාට ඇති බලය පාවිච්චි කිරීමක් නොව ඒ ගැන ඉඟියක්වත් මෙතෙක් දී නොමැති බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති කාලෝ ෆොන්සේකා මහතා පවසා ඇති බවයි.