Friday, March 29, 2024

General line - 0115112241

ආසියානු රග්බි පිටියෙන් ශ්‍රී ලංකාවට තවත් ජයක්




ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියරේ තරග දකුණු කොරියාවේ ඉන්චියොන් හිදී අද ආරම්භ වුණා.

පළමු තරගය පැවැත්වුණේ ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතරයි. ලකුණු 27ට 5ක් ලෙස මෙම තරගය පහසුවෙන් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය අද පස්වරුවේ මැලේසියාව සමග පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලියේ පළමු අදියරේදී කුසලාන අනු ශූරතාව දිනාගැනීමට ද ශ්‍රී ලංකාව සමත් වුණා.