Friday, April 19, 2024

General line - 0115112241

පොලිස් පහරදීමකට එරෙහිව විරෝධතාවක් (PHOTOS)




හැටන් පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් කරණවෑමියෙකුට පහරදුන් බව පවසමින් හැටන් නරගයේ සියලුම කරණවෑමියන් සහ ව්‍යාපාරිකයින් අද (24) පස්වරුවේ උද්ඝෝෂණයක නිරත වුණා.

හැටන් බස් නැවතුම්පොල අසළ සිට නගර මධ්‍යයේ පිහිටි ඔර්ලෝසු කණුව දක්වා පෙළපාලියකින් ගමන්ගත් විරෝධතාකරුවන් එහි දී උද්ඝෝෂණයක නිරත වූ බවයි නෙත් නිව්ස් වාර්තාකරු පැවසුවේ.

පොලිස් නිලධාරීන් පහරදුන් බව කියන කරණවෑමියා දික්ඔය මූලික රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබනවා.

police-www-nethnews-lk00001 police-www-nethnews-lk00002 police-www-nethnews-lk00003 police-www-nethnews-lk00004 police-www-nethnews-lk00005 police-www-nethnews-lk00006