Friday, April 19, 2024

General line - 0115112241

ජාතික හෙළ උරුමයේ නව මධ්‍යම කාරක සභාව මෙන්න




ජාතික හෙළ උරුමයේ නායකත්වයෙන් ඉවත් වන බව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් අද (24) ප‍්‍රකාශ කළා. ඒ, කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාගාරයේ දී පැවති එම පක්ෂයේ 13 වන සමුළුව අමතමින්.

රටේ ඒකීය භාවය සහ බුදු දහමේ ආරක්ෂාව වෙනුවෙන් සිය පක්ෂය අඛණ්ඩව පෙනී සිටින බව ද උන්වහන්සේ මෙහි දී සඳහන් කළා.

ජාතික හෙළ උරුමයේ නව මධ්‍යම කාරක සභාව මෙහි දී පත්කර ගැණුනා.

ඒ අනුව පක්ෂ මහ ලේකම්වරයා ලෙස පත් වුණේ අමාත්‍ය පාඨලී චම්පික රණවකයි. පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන් සහ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන සම සභාපතිවරුන් ලෙස පත් කෙරුණා.

නියෝජ්‍ය ලේකම් ධුරයට කථිකාචාර්ය අනුරුද්ධ ප‍්‍රදීප් පත් කෙරුණු අතර භාණ්ඩාගාරික ධුරයට දයා පෙරේරා පත් කෙරුණා.

මේ අතර මෙම අවස්ථාවට විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් දේශපාලනඥයින් සහභාගී වී සිටියා.

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් කබීර් හෂීම්, සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර, මලික් සමරවික‍්‍රම, සරත් ෆොන්සේකා, ඩග්ලස් දේවානන්ද සහ මුජුබර් රහුමාන් ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් ඒ අතර වුණා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙම අවස්ථාවට එක්ව සිටියේ නැහැ.