Saturday, April 20, 2024

General line - 0115112241

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශන භූමියට වාර්තාගත ජනතාවක් (UPDATE)




කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ අද (25) අවසන් දිනයයි. ප‍්‍රදර්ශනය නැරඹීම සඳහා මේ වන විටත් අතිවිශාල පිරිසක් පැමිණෙමින් සිටිනවා.

අද දහවල් වන විට ප්‍රදර්ශනය නැරඹීම සඳහා ලක්ෂ 11 කට වැඩි පිරිසක් පැමිණ සිටි බවයි එහි සංවිධායකයින් සඳහන් කළේ. ගිය වසරේ පැවැති ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය නැරඹීම සඳහා පැමිණි මුළු සංඛ්‍යාව ලක්ෂ 10 ක් බවත් සංවිධායකයින් පැවසුවා.

පොත් ප‍්‍රදර්ශනය සඳහා මෙවරත් රේඩියෝ මාධ්‍ය අනුග‍්‍රහකත්වය ලබාදෙන්නේ නෙත් එෆ්.එම්. රේඩියෝවයි. නෙත් එෆ්.එම්. ප‍්‍රදර්ශන කුටියක් ද ප‍්‍රදර්ශන භූමියේ පිහිටුවා තිබෙනවා.

බැලුම්ගල වැඩසටහන සඳහා පැමිණිලි භාරගැනීම එහිදී කෙරෙන එක් කටයුත්තක්. ත්‍යාග දිනාගැනීම සඳහා සරල ක‍්‍රීඩා ද සංවිධාන කර තිබෙනවා. අවශ්‍යතා සහිත පාසල්වලට බෙදාදීම සඳහා පොත්පත් එකතු කිරීම ද එහි දී සිදුකෙරෙන ප‍්‍රමුඛ කටයුත්තක්.


කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය අදින් අවසන්

(Sep 25, 2016 @ 06:07)

18 වන වරට පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ අවසන් දිනය අදයි.

පෙරවරු 9 ට ප‍්‍රදර්ශනය විවෘත කෙරෙනවා. ඊයේ (24) දිනයේ ද ප‍්‍රදර්ශනය නැරඹීම සඳහා අති විශාල පිරිසක් එක්ව සිටියා.

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයට මෙවරත් රේඩියෝ මාධ්‍ය අනුග‍්‍රහය ලබාදෙන්නේ නෙත් එෆ්.එම්. රේඩියෝවයි.

නෙත් එෆ්.එම්. ප‍්‍රදර්ශන කුටියක් ද ප‍්‍රදර්ශන භූමියේ පිහිටුවා තිබෙනවා. බැලුම්ගල වැඩසටහන සඳහා පැමිණිලි භාරගැනීම එහි දී කෙරෙන එක් කටයුත්තක්.

ත්‍යාග දිනාගැනීම සඳහා සරල ක‍්‍රීඩා ද සංවිධාන කර තිබෙනවා. අවශ්‍යතා සහිත පාසල්වලට බෙදාදීම සඳහා පොත්පත් එකතු කිරීම ද එහි දී සිදුකෙරෙන ප‍්‍රමුඛ කටයුත්තක්.