Friday, March 29, 2024

General line - 0115112241

දඹුල්ලේ පාසල් සිසුවියක් ගෙල වැළලාගෙන මරුට




මහනුවර කටුගස්තොට ප‍්‍රදේශයේ නිවසක් තුළ දී පාසල් සිසුවියක් ගෙල වැළලාගෙන මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මෙවර අධ්‍යයන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි දඹුල්ල ප‍්‍රදේශයේ පාසලක ඉගෙනුම ලැබූ ශිෂ්‍යාවක්.

ඇය සිය මව සහ සොහොයුරා සමග මහනුවර ප‍්‍රදේශයේ කුළී නිවසක ජීවත් වී ඇති බවයි නෙත් නිව්ස් වාර්තාකරු සඳහන් කළේ.

සොහොයුරා අතිරේක පන්තියකට ඇරලවා මව යළි නිවෙසට පැමිණෙන විට අදාළ සිසුවිය ගෙල වැළලාගෙන සිටි බව සඳහන්. කටුගස්තොට පොලිසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ සිදු කරනවා.