Tuesday, April 23, 2024

General line - 0115112241

දුම්රිය මගීන්ට රක්ෂණ ක්‍රමයක්




දුම්රියේ ගමන් කරන සියලු මගීන්ට රක්ෂණ ක‍්‍රමයක් හඳුන්වා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

දුම්රිය සාමාන්‍යාධිකාරී බී. ඒ. පී. ආරියරත්න සඳහන් කළේ ප‍්‍රවේශපත් ලබා ගෙන දුම්රියෙන් ගමන් කරන පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුවහොත් රුපියල් ලක්ෂ එක හමාරක වන්දි මුදලක් ගෙවන බවයි.

නිදහස් ගමන් වාර ප‍්‍රවේශපත‍්‍ර සහ ආසන වෙන් කර දුම්රියෙන් ගමන් ගන්නා මගීන්ට එම හිමිකම නොලැබෙන බව ද ඔහු සඳහන් කළා.

නව රක්ෂණ ක‍්‍රමය යටතේ දුම්රියෙන් ගමන් ගන්නා මගියෙකු ජීවිතක්ෂයට පත්වුවහොත් ලක්ෂ හතක වන්දියක් ගෙවීමට හැකියාව පවතින බවයි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් කියා සිටියේ.