Thursday, April 25, 2024

General line - 0115112241

බස් සේවක ගැටුමක්! 06ක් කූඩු




තරගකාරී ලෙස මගීන් නංවා ගැනීම සදහා උත්සාහ කිරීමේ සිද්ධියකදී ගැටුමක් ඇති කරගත් පෞද්ගලික බස් රථ දෙකක සේවකයන් හය දෙනෙකු හලාවත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හලාවත – කොළඹ මාර්ගයේ හලාවත රෝහල ආසන්නයේදී ඊයේ (05) පස්වරුවේ මෙම ගැටුම හටගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළේ.

වව්නියාව සිට කොළඹ බලා ධාවනය කරමින් තිබූ බස් රථයක සේවකයන් සහ හලාවත  සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක සේවකයන් අතර මෙම ගැටුම හටගෙන තිබෙනවා. වව්නියාව සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයේ රියදුරාට අමතරව රිය සහායකයන් තුන් දෙනෙකු එහි සිට ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සදහන් කළේ.