Friday, March 29, 2024

General line - 0115112241

පාවාදීමක් ගැන මහින්ද කතා කරයි




ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රතිපත්ති එක්සත් ජාතික පක්ෂය හමුවේ පාවාදීමට වත්මන් නායකයන් කටයුතු කරමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ අතීතයේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සැමවිටම එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව කටයුතු කළ බවයි.

පිළිමතලාව ප‍්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. එදා එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කළේ අහිංසක ජනතාවගේ පීඩාවන්වලට විසඳුමක් වශයෙන් බවත් පැවසුවා.

එහිදී “අපි ආදරයෙන් වැළඳ ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද එක්සත් ජාතික පක්ෂය යටතට පත්වීම පිළිබඳව මහත් කණගාටුවක් ඇතිවෙනවා” යනුවෙන්ද පැවසුවා.