Saturday, April 20, 2024

General line - 0115112241

යෞවන කී‍්‍රඩා උළෙලේ සමස්ත ශූරතාව ගම්පහට




ගම්පහ දිස්ති‍්‍රක්කයට සමස්ත ශූරතාව හිමිකර දෙමින් 28 වැනි යෞවන කී‍්‍රඩා උලෙල බදුල්ල වින්සන් ඩයස් කී‍්‍රඩාංගණයේදී ඊයේ (25) පස්වරුවේ නිමාවට පත්වුණා.

ගම්පහ දිස්ති‍්‍රක්කය හිමිකර ගත් ලකුණු සංඛ්‍යාව 130ක්. ලකුණු 102ක් ලබා ගනිමින් කොළඹ දිස්ති‍්‍රක්කය දෙවන ස්ථානය දිනා ගත්තා. තෙවන ස්ථානය හිමිවූයේ ලකුණු 100ක් ලබාගත් මහනුවර දිස්ති‍්‍රක්කයටයි.

වයස අවුරුදු 20න් පහළ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස උස පැනීම ඉසව්වේ ප‍්‍රථම ස්ථානය දිනා ගත් ගම්පහ දිස්ති‍්‍රක්කයේ තිවංක පෙරේරා සම්මාන දිනා ගත්තා.

දක්ෂතම කී‍්‍රඩිකාව ලෙස සම්මාන හිමි කර ගත්තේ තුන්පිම්ම ඉසව්වෙන් ප‍්‍රථමස්ථානය දිනා ගත් පුත්තලම දිස්ති‍්‍රක්කයේ හසිනි ප‍්‍රබෝධායි.

වයස අවුරුදු 20න් ඉහළ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස ගාල්ල දිස්ති‍්‍රක්කයේ සම්පත් රණසිංහ සම්මාන දිනා ගත්තා.

එම වසස් කාණ්ඩයේ දක්ෂතම කී‍්‍රඩිකාව ලෙස සම්මාන දිනා ගත්තේ හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ නිමාලි ලියනාරච්චියි.

1044804_400688790054837_2113873936979130476_n 14433121_400689186721464_4220018013430728648_n 14469572_400688796721503_6494520184644514155_n

14501949_10210779942400974_1284769272_n