Friday, April 26, 2024

General line - 0115112241

හෙද නිලධාරිණියන්ට ජීවිත අවදානමක්




රට පුරා රෝහල්වල පිළිකා ඒකකයන්හි සේවය කරන හෙදියන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් බරපතල ගැටළුකාරී තත්වයක් මතුව ඇතැයි නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

වැඩිදුරටත් කළ සොයා බැලීමක දී හෙළි වුණේ ඇතැම් හෙද නිලධාරිණියන් ගබ්සා වීමේ අවදානමකට ද ලක්ව ඇති බවයි.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප‍්‍රියගෙන් විමසීමක් කළා.

ඔහු පැවසුවේ පිළිකා ඒකකවලින් නිකුත් කෙරෙන විකිරණ හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි.

මහරගම පිළිකා රෝහලේ හෝ වෙනත් රෝහල්වල පිළිකා ඒකකයන්හි සේවය කරන හෙද නිලධාරීන්ට ඒ සම්බන්ධයෙන් වන පුහුණුව නිසි පරිදි ලබා දී නැතැයි ද රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.