Tuesday, April 16, 2024

General line - 0115112241

තිස්ස අත්තනායකට සිතාසි




කූඨ ලේඛන සකස් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායකට එරෙහිව කොළඹ මහාධිකරණයේ පවරා ඇති නඩුව ඔක්තෝබර් මස 19 වන දා විභාගයට ගැනීමට නියමිතයි.

ඒ අනුව එදිනට කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් සිතාසි නිකුත් කරන ලෙසයි මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන නියෝග කළේ.

කරුණු 03 ක් සම්බන්ධයෙන් නීතිපතිවරයා තිස්ස අත්තනායකට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබෙනවා.

ඒ, ඉකුත් ජනාධිපතිවරණ සමයේ කූඨ ලේඛන සකස් කිරීමේ චෝදනාව යටතේයි.