Thursday, March 28, 2024

General line - 0115112241

යාපනයේ ඇවිළෙන ගිනිදැල් ගැන අනතුරු අැඟවීමක්




උතුරු පළාත තුළ යළි ජාතිවාදී ගිනිදැල් ඇවිලීමේ තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව සිංහල රාවය ජාතික සංවිධානය පවසනවා.

එහි මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් ප‍්‍රකාශ කළේ මෙරට බුද්ධි අංශ යළි සක‍්‍රීය කිරීමේ අවශ්‍යතාවක් මතුව ඇති බවයි.

උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂවරන්ගේ ප‍්‍රධානත්වයෙන් යුත් දෙමළ මහජන සභාව විසින් සංවිධාන කළ විරෝධතාවක් යාපනය ඇතුළු ප‍්‍රදේශ රැසක ඉකුත් දා පැවැත්වුණා.

එය නම් කර තිබුණේ ‘‘එළුග තමිල්’’ හෙවත් ‘‘දෙමළ ජනතාව නැගිටිවු’’ යන තේමාව යටතේයි.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් ආරක්ෂක අංශ මෙන්ම රටේ දේශපාලන බල අධිකාරිය ද කඩිනමින් අවධානය යොමු කළ යුතු බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් ප‍්‍රකාශ කළා.