Wednesday, April 24, 2024

General line - 0115112241

මන්ත‍්‍රී විමල් අදත් FCIDයට




ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන කිහිපයක් අවභාවිත කිරීමේ චෝදනාවට අදාළව ප‍්‍රකාශයක් ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවට කැඳවා තිබෙනවා.

මීට පෙර ද විමර්ශනයට අදාළව මන්ත‍්‍රීවරයාගෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ප‍්‍රකාශ ලබා ගත්තා.

ප‍්‍රකාශ ලබා දීමට පැමිණි අවස්ථාවේ දී විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් දැක්වූවා.

“අපිට කියනවා වාහන අවභාවිතය කියලා , දැන් මේ මගේ අතේ තියෙන්නේ මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යංශය බත්තරමුල්ල , ජනාධිපති ලේකම් කාර්යාලයෙන් එවනවා ලියුමක්.

“අතිගරු ජනාධිපතිතුමාගේ කොළඹ දිස්ත්‍රික් විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ තනතුරට බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පත්කර ඇත. ඒ මහතාගේ රාජකාරී සඳහා ලබාදීමට වාහනයක් දැනට අප ප්‍රවාහන සංචිතයේ නොමැති බැවින් සුදුසු වාහනයක් ජනාධිපති ලේකම් කාර්යාලයට නිදහස් කිරීමට කටයුතු කරන්නේනම් කෘතඥවෙනවා”.

ඒ කියන්නේ නිශාන්ත ශ්‍රී වර්ණසිංහට පාවිච්චිකරන්න වාහනයක් ජනාධිපති ලේකම් කාර්යාලයට එවන්නලු. ඒකේ මාසික කුළිය එක් ලක්ෂ පන්දාහයි. ඉතින් ඒ විදිහේ විශාල මුදලක් යොදවලා. නිශාන්ත ශ්‍රී වර්ණසිංහ කියන්නේ පළාත් සභා මන්ත්‍රීවරයෙක්. ඔහුට වාහන දෙනවා. මේවා දුව දුව කරන ගමන් තමයි ඉතාම අත්‍යවශ්‍ය සාධාරණ කරුණු වෙනුවෙන් අපි පාවිච්චි කරපු මොකක්හරි වාහනයක් තියෙනවනම් ඒවා ගැන හොයන්නේ”.