Friday, April 26, 2024

General line - 0115112241

පාතාලේ බිම්සරගෙන් සතියක් ප්‍රශ්න කරයි (PHOTO)




හෙරොයින් ජාවාරම්කරුවෙකු සහ පාතාල ක්‍රියාකාරියෙකු වන බිම්සර අමල් ගුණසේකර නොහොත් බිම්සර නමැත්තා දින 7ක් තවදුරටත් රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් අවසර ලබාගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා හෙරොයින් ග‍්‍රෑම් 22 ක්ද සමග බම්බලපිටිය ප‍්‍රදේශයේදී ඊයේ (25) පස්වරුවේ අත්අඩංගුවට ගැනුනා.

පොලිස් ආරංචි කියා සිටියේ දැනට මරණ දඩුවම නියම වී සිටින දෙමටගොඩ චමින්ද නමැත්තාගේ සමීපතමයෙකු ලෙසද බිම්සර කටයුතු කර ඇති බවයි.

(පහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ ඊයේ පස්වරුවේ මොහුව අත්අඩංගුවට ගැනීමෙන් පසු බම්බලපිටිය පොලිසියේ රඳවාගෙන සිටි අයුරුයි.)

kerala-ganja-www-nethnews-lk00001