Friday, March 29, 2024

General line - 0115112241

“විග්නේෂ්වරන් වහාම අත්අඩංගුවට ගන්න”




ඉකුත්දා පැවති එළුග තමිල් විරෝධයේදී උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් විසින් පොදු දේපළ අව භාවිත කර ඇති බැවින් වහාම ඔහුව අත්අඩංගුවට ගත යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ති‍්‍ර උදය ගම්මන්පිල පවසනවා.

එහිදී හෙතෙම පැවසුවේ “උද්ඝෝෂණයට එන්න කියලා ආරාධනා පත්‍ර යවන්නෙ එතුමගෙ නිල මුද්‍රාව සහිත නිල ලිපි ශීර්ෂයේ.  පළාත් සභාවේ වාහන, පළාත් සභාවේ නිලධාරීන් සහ රාජ්‍ය දේපළ භාවිතා කරලා තියෙනවා. එහෙමනම් විග්නේෂ්වරන් මහඇමති තුමාවත් FCID එකෙන් කුදලගෙන ගිහිල්ලා රටේ නීතිය අකුරටම ක්‍රියාත්මක කරමින් ඇප නැතිව රක්ෂිත බන්ධනාගාර ගත කරනවා දකින්න අපි බලන් ඉන්නවා.” යනුවෙනි.

එළුග තමිල් විරෝධයේදී ඉදිරිපත් කෙරුණු සටන් පාඨ මගින් මූලික අයිතිවාසිකම් උල්ලංගණය කර ඇතැයිද සංස්කෘතික නිදහසට අවහිර කර ඇතැයිද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල එම අදහස් පළ කළේ පිවිතුරු හෙළ උරුමය කොළඹ අද (26) පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.

බස්නාහිර පළාතෙන් දෙමලුනි පිටවෙව් කියා උද්ඝෝෂණ තබා නැති බවත් ලංකාවේ ඕනෑම පළාතක සෑම පුරවැසියෙකුටම ජීවත් වීමට අයිතියක් ඇති බවත් පැවසුවා.